කවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් අගල් හය බැගින් අද (22දා) පස්වරුවේ විවෘත කල බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පී ජී දඹෝරගම මහතා පවසයි.
මේවන විට කවුඩුල්ල වැවේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ හාරසියක් පමණ ඇති බවත් වැවේ තබාගත හැකි සම්පුර්ණ ජල ප්රමාණය අක්කර අඩි එක් ලක්ෂ හාරදාහක් පමණ වුවත් පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ තප්පරයට ඝන අඩි තුන් සියක ප්රමාණයක් වාන් දොරටු දෙකකින් පිට වන ලෙස අගල් හයක් විවෘත කර ඇති ඔහු පැවැසීය.
2014 වර්ෂයෙන් පසු කවුඩුල්ල වැවේ වාන් දොරටු විවෘත කළ පළමු අවස්ථාව බවත් ඔහු පැවැසීය.
හිගුරක්ගොඩ--ඩබ් ඒ පියතිලක