කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට දැනුම් දී තිබේ.
ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටම ලෙස නම් කර ඇති අතර 4 වන මට්ටම යනු ඉහළම අවදානම් සහිත තත්ත්වයයි.
අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු වියයුතු බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.