9.41 PM
අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුව තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1631ක් දක්වා වර්ධනය වී තිබේ. අද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 9ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
6.39 PM කොවිඩ් රෝගීන් 1630ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1630ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ තවත් රෝගීන් දෙදෙදෙනෙක් හමුවීමත් සමගිනි. අද දිනයේදී මේ දක්වා රෝගීන් 10ක් හමුවී ඇති අතර එයින් 9 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
ඉතිරි පුද්ගලයා නාවික හමුදා රණවිරුවෙකි.