කොරෝනා තුන්වෙනි රැල්ලේ දී හඳුනාගනු ලැබූ කොවිඩ් delta ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාභාදයට ලක්වන කොවිඩ් රෝගීන් වාර්ථා වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනෙකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ ජ්‍යෙශ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා(27) පැවසීය.
පළවෙනි සහ දෙවෙනි covit රැලි දෙකෙහිදී එවැනි හෘදයාභාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බව සඳහන් කරන ඒ මහතා තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව පැවසීය.
හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු වයස් කාණ්ඩවල පුද්ගලයන් බව සඳහන් කරන ඒ මහතා සාමාන්‍යයෙන් හර්දයාබාදයක තුඩුදෙන අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාභාධයට ලක් වුවන් බව පැවසීය.
ඇතැම් කොවිඩ් රෝගින් තුළින් සාමාන්‍යයෙන් මතුවන ප්‍රධාන රෝග ලක්ෂණ මෙම හෘදයාබාධයට ලක්වන රෝගීන් තුළින් දක්නට නොලැබුන බව සඳහන් කළ ඒ මහතා ඔවුන් තුලින් මතුවන ප්‍රධාන ලක්ෂණය හෘදයාභාදය බවද පැවසීය.
වයසින් අඩු වුවත් කිසියම් පුද්ගලයෙකුට යම් හර්දයාබාදයක රෝග ලක්ෂණ මතු වුවහොත් පමා නොවී ජාතික රෝහලට ඇතුළත් වන ලෙස සඳහන් කරන ඒ මහතා එවැනි රෝගින් බේරාගැනීමට තමා ඇතුලු තම කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු කරන බවද පැවසීය.
එසේ වාර්තා වන delta ප්‍රභේදයට ගොදුරු වී හෘදයාබාධයට ලක්වන රෝගීන් පිළිබඳව විශේෂ පර්යේෂණාත්මක සොයා බැලීමක් සිදු කිරීම තමා ඇතුළු තම කණ්ඩායම ආරම්භ කොට ඇති බවද ඒ මහතා පැවසීය.
ඉකුත් විසි හතර වැනිදාද කොවිඩ් ආසාධිතව හෘදයාභාදයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී සිදුකල (stent)ස්ටෙන්ත් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට තමා ඇතුලු කණ්ඩායම හැකි වු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ගොඨාභය මහතා ඔහුගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බවද පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා