යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාට සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටත් යාපනය පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
මේ අතර යාපනය පොළේ වෙළෙන්ඳන් 60 ක් ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ 600 කට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමෙන් අනතුරුව යාපනය පොළේ වෙළෙන්ඳන් 09 දෙනෙකුට ඇතුලු 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
එමෙන්ම 600 ක පමණ සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා යාපනය ශික්ෂණ රෝහලේ සහ යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේ ඉදිරි දිනයන්හීද පැමිණීමට නියමිතව ඇති බැවින් කොරෝනා අසාදිත ප්‍රමාණය වැඩිවීමේ අවධානමක්ද පවතින බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
එමෙන්ම යාපනය මහනගාරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පසුගිය දිනක යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පැවති විවාහ මංගලෝත්සවයක් සඳහා සහභාගී වී ඇති අතර එහිදී කොරෝනා ආසාදනය වී ඇති බවට සැක පල වී ඇති අතරම මහනගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කොට ඇත.
එමෙන්ම මහනගරාධිපතිතුමන් ඇතුලු යාපනය පොළේ වෙළෙන්ඳන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට හඳුනාගනිමින් නිරෝධායනය කරමින් සිටින අතරම පී.සී.ආර් පරික්ෂණයන්ට යොමුවූ සියලුම පුද්ගලයින් නිවෙස්වල නිරෝධායනය වන ලෙසටද යාපනය සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටිති.
යාපනය පොළේ වෙළෙන්ඳන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වන විට යාපනය පොළ ප්‍රදේශයම සම්පූරණයෙන් වසා දමා සියලුම පුද්ගලියන් නිරෝධායනය කරවීමේ කටුයුතු සිදු කරන බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.