දින පහක් වයසැති බිළිදෙකු බලන්ගොඩ මුලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී කෝවිඩි වෛරය ආසාදනය වීම හේතුවෙන් අද (12දා) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පෙටිටිය ගල පාර,බෝමිබුව, බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බිළිදෙකු මෙලෙස මියගොස් ඇතැයි බලන්ගොඩ රෝහල් පොලීසිය පැවැසිය.
එම බිලින්දා ඉකුත් 07 වැනිදා බලන්ගොඩ මුලික රෝහලේදි උපත ලබා තිබෙන අතර උපන් දා සිට ඇති වු හුස්ම ගැනිමේ අපහතාවයක් හේතුවෙන් රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
එහිදී සිදුකඝ පි.සි.ආර්. පරික්ෂණයේදි කෝවිඩි වෛරය ආසාදනය විි ඇති බවට තහවුරු වී තිබේ. දරුවා බිහි කළ මවගේද පි.සි.ආර්. පරික්ෂණය සිදු කර තිබෙන අතර එහි වාර්තා ලැබිමට නියමිව තිබුණි.
ආදාහන කටයුතු අද බලන්ගොඩ දහමාන ආදාහනාගාරයේදි සිදු කිරිමට කටයුතු කර තිබුණි.
රාස්සගල සමිපත්