ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ වල සැලකිය යුත පහළ යෑමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 145ක් බවට වර්තා වි තිබේ.
පසුගිය දින කිහිපය තුළම ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 200ට ආසන්න අගයක පැවැතියේය.
ඊයෙ දිනයේදී වාර්තා වී ඇති මරණ අතරින් අවුරුදු 30ට අඩු මරණ 04ක්, අවුරුදු 30-59 අතර මරණ 24ක් හා අවුරුදු 60ට වැඩි මරණ 117ක් වාර්තා වී තිබේ.
පිරිමි 77ක් හා කාන්තාවන් 68ක් මෙසේ කොවිඩ් නිසා සිය දිවියෙන් සමුගෙන තිබුණි.
මෙම මරණ 145ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 9951ක් දක්වා වර්ධනය විය.