කොවිඩ්-19 වෛරසය මගින් පුරුෂයන්ගේ සරුබව අවදානමට හෙලමින්, ඔවුන් වඳභාවයට පත්කළ හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
ටෙල් අවිව් හි ෂෙබා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඩෑන් ඇඩර්කා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායම සිදුකළ අධ්‍යයනයට අනුව, නව කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇත.
ඒ අනුව මෙම අධ්‍යයනය පෙන්නුම් කළේ වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බවය. එහිදී ආසාදිත පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය කොවිඩ් -19 හඳුනා ගැනීමෙන් දින 30කට පසුව මෙසේ අඩකින් අඩුකර තිබේ.
එසේම කොවිඩ්-19 රෝගයේ මෘදු තත්ත්වයකට ගොදුරු වුවද එම අවදානම පවතින බව මෙම අධ්‍යයනය සිදුකළ ඊශ්‍රායලයේ වෛද්‍යවරු පවසයි.
එමෙන්ම අවසාන වශයෙන් මෙම අධ්‍යයනයේදී මියගිය රෝගීන් 12 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශුක්‍රාණු හා ටෙස්ටොස්ටෙරෝන් නිපදවන ඔවුන්ගේ වෘෂණ කෝෂවල මධ්‍යස්ථ හා දරුණු වෙනස්කම් පෙන්නුම් කර ඇති බවද අනාවරණය කරගෙන ඇත.