කොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
“කොළඹ කොවිඩ් ආසාධිතයින් අඩුවීම හේතු තුනක් නිසා වෙන්න පුළුවන්. එන්නත්කරණය හා වැඩි දෙනෙකු කොවිඩ් ආසාදිතයින් නොවීම ඊට අදාල ප්‍රධාන හේතු දෙකක් වන අතර කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීමද ඊට බලපාන හේතුවකි.
කෙසේ නමුත් පරීක්ෂණ ප්‍රමාණය අඩුකිරීම හේතුවෙන් දැනට ඇති වෙමින් පවතින තත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි වී ඇත. ඒ නිසාම වසංගතය නැවත වැරදි ලෙස පුරෝකථනය වීමේ අවධානමක් පවතින අතර එය නැවත කොවිඩ් රැල්ලකට හේතුවක්ද විය හැක.
පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සෘජුවම වග කිවයුතු වන අතර, රටට පැමිණීමට නියමිත නව තාක්ෂණය සහ පරීක්ෂණ පහසුකම් වැලැක්වීමට හා ප්‍රමාද කිරීම සදහා ඔහු තීරණ හේතු වී ඇත.”