කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග ඊයේ (02දා) එම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී ඉන්දීය මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබද ව සිය ප්‍රසාදය පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෝකයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වීමත් සමගම ශ්‍රී ලංකාවට ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව කීවේය.
ඉන්දියානු ව්‍යාපාරිකයන් මෙරට නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසූ ඉන්දීය මහා කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදනය හා ඉන්ධන පිරිපහදුව සඳහා මෙරට ආයෝජනයන්ට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බව ද කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු ව දෙරට අතර ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරයා එකගතාවය පළ කළේය.
උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයන් සවි බල ගැන්වීමට නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ඉදි කීරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දී තිබේ. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත මෙම මධ්‍යස්ථානය පිළිබදව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැණින. එහි කටයුතු කඩිනමින් අවසන් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කිවේය.
ඉන්දියානු ජාතිකයන් සිය විවාහ මංගල්‍යය උත්සව ශ්‍රී ලංකාවේ දී ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසු ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රි ලාංකිකයන් බෞද්ධ ආගමික සිද්ධස්ථාන නැරඹීමට ඉන්දියාවට යන්නාක් මෙන් ඉන්දියානුවන් රාමායණයට සම්බන්ධ ස්ථාන නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බව ද කීවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ මේ සම්බන්ධයෙන් සංචාරක අධිකාරිය සිය අවධානය යොමු කර ඇති බවයි. මඩු වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මඩු ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කීරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය. ඒ සදහා ද ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දි තිබේ. නිවාස 144 ක් මේ අනුව ඉදිකිරීමට නියමිතයි.
යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී දෙපාර්ශවයේ අවධානය යොමු කෙරිණ. පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව රුපියල් මිලියන 300 ක් ලබා දී තිබේ. ඊට අදාළ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබිමට ද මෙම සාකච්ඡාවේ දී ඉන්දියානු මහකොමසාරිස්වරයා හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එකගතාවය පළ කළහ.