කොවිඩ් ආසාදනය විමෙන් මෙරට ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මියගොස් පන්සියයට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වි ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.
කොවිඩ් තත්වය හමුවේ සිදු කරන කාර්යභාරය පිළිබදව අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු කොඩිකාර මහතා කියා සිටියේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබියදී තවත් ග්‍රාම නිලධාරීන් ගණනාවක් නිරෝධායනයට යොමුකර සිටින බවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ දැඩි කැපවීමෙන් දාහතරදහකට අධික සියලුම ග්‍රාම නිලධාරීන් තම සේවය නොපිරිහෙලා සිදු කරන බවය.
“අනෙක් සියලු දෙනාට විවිධ දිමනා පහසුකම් ලැබෙනවා .නමුත් අපිට ඒ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.ජනතාවට ආධාර ලබා දිම්,එන්නත්කරණ වැඩසටහන් ආදිය පිළිබදව නිරතුරුව ජනතාව සමග සියලු කටයුතු කරන්නේ ග්‍රාම නිලධාරින් නමුත් එ් පිරිසට ලැබිය යුතු නිසි දේවල් ලැබෙන්නේ නැහැ. මේ වන විට ග්‍රාම නිලධාරිණියන් විශාල පිරිසක් රාජකාරිියේ යෙදෙනෙවා.
කාන්තා නිලධාරින් ලෙස වැඩි වැඩ කොටසක් සිදු කරනවා.මේ වන විට දැඩි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අපේ සහෝදර ග්‍රාම නිලධාරින් පිරිසක් මරණයට පත් වුණා.තවත් පිරිසක් අසාධ්‍ය තත්වයේ සිටිනවා.ඒ වගේම කොවිඩ් ආසාදනය වෙලා පිරිසක් සිටිනවා.සුව වෙලා නැවත රාජකාරි සිදු කරමින් සිටිනවා”
මාතලේ මහේෂ් කිර්තිරත්න