කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නව ක්‍රමවේදයක් අද (02) සිට දකුණු පළාතට හඳුන්වා දී තිබේ.
මෙම සේවාව බස්නාහිර පළාතට හඳුන්වා දුන් අතර එය ඉතාම සාර්ථක ලෙස සිදු කෙරෙමින් බවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
මෙම සේවාව ලබා ගැනීමට කොවිඩ් ආසාදිතයාගේ පහත තොරතුරු ඇතුළත් කොට 1904 යන දුරකථන අංකයට යොමු කළ යුතු වෙයි.
මෙම SMS පණිවුඩය යොමු කිරීමේදී රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ තුනක් දක්වා තිබෙනවා.
1. ස්වසන අපහසුතා ඇති රෝගීන් - A
2. උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B
3.කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් - C
කෙටි පණිවුඩය යොමු කළ යුතු ආකාරය
රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ(A,B,C)(Space)වයස(Space)ජා.හැ.අ(Space)ලිපිනය