කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් වසංගතය වැළැක්වීම සඳහා ප්රමුඛ කාර්යයක් ඉටුකරන ජනමාධ්‍යවේදීන් සඳහාද කොවිඩ් එන්නත ලබාදීම කඩිනම් කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම ඉල්ලීඹ කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මාධ්‍යවේදීන් 6000ක් පමණ සිටින අතර ඒ අතරින් 1150ක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙයි.