කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් ගැබිනි මව්වරු වෙතින් නොමේරු, සහ මල දරු උපත් සිදු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අද (3) පැවසීය.
කොවිඩ් රෝගයේ අතුරු ආබාධ තත්ත්වයක් වන අධික රුධිර පීඩනය හේතුවෙන් මෙවැනි මවුවරුන් වැඩි ජීවිත අවදානමකට ලක්වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.
මේ පිළිඹඳව ජාත්‍යන්තරව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව පැවසීය.
2019 වර්ෂයේ සංඛ්‍යාලේඛන වලට අනුව ලංකාවේ උපත් සංඛ්‍යාව දහදාහකින් පමන අඩු වී ඇති බවද ඒ මහතා පැවසීය.
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට ඉකුත් මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා වු දත්ත වාර්ථාවන්ට අනුථව සිදුව ඇති මළදරු සහ නොමේරු උපත් ගණන විසි හතකි.
කොවිඩ් වෛරසයේ අතුරු ආබාධ කාන්තා ඔසප් චක්‍රයට හෝ ප්‍රජනන පද්ධතියට බලපෑම් එල්ල කරන්නේද යන්න වෛද්‍ය ලැනරෝල් මහතාගෙන් විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ එවැනි තත්වයක් විද්‍යාත්මකව තහවුරු වී නැති බවයි.
මෙම වෛරසය ඝෘජු බලපෑම් කාන්තා ඔසප් චක්‍රයට එල්ල වන බව සනාථ නොවුනද වයස අවුරුදු 30 ඉක්මවූ කාන්තාවන්ට පවතින නිදන්ගත රෝග තත්ත්වයන් සහ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා යම් යම් වෙනස්වීම් ඇතිවිය හැකි බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම ඇතැම් කාන්තාවන්ට ගෘහස්ථ හිංසනය නිසා ඇතිවෙන මානසික ආතතිය ද මෙම චක්‍රය ක්‍රියාකාරීත්වයට යම් බලපෑමක් එල්ල කරන බව ද විශේෂඥ වෛද්‍ය ලැනරෝල් මහතා වැඩිදුරටත් පැවසීය.
මොරටුව රේඛා තරංගනි ෆොන්සේකා