ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 1524ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 55කි. එයින් 34ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වන අතර ඉතිරි 21 දෙනා නාවික හමුදා රණවිරුවන්ය.
සුවවූ සංඛ්‍යාව 745ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 769කි. රෝගීන් 10ක් මිය ගියේය.