කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට භාජනය වි පසුව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රදවා තබාගෙන සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 32 ක් අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස් වල සේවය කරමින් සිටියදි මෙසේ හිරිහැර , කරදර වලට ලක් වි ඇති අතර ඒවා තවදුරටත් ඉවසා ගෙන සිටිය නොහැකිව මෙසේ කුවේටයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබුණි .
මෙම සියලු දෙනා ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල පදිංචි කාන්තාවන් වූහ.
ඔවුන් අද දින උදෑසන 9.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මේ පිළිබඳව පැමිණිලි කිරිමෙන් පසුව , ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියහ .