කාන්තා පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතරව කළ බවට ඉදිරිපත් වී ඇති චෝදනා අනුව කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙම සැකකරුට එරෙහිව වයඹ පළාත භා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඒ පිළිබ ඳව පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව මෙම පොලිස් පරීක්ෂකවරයා පසුගිය 13 දා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. මේ පිළිබඳව පොලිස් මූලස්ථානය ඉදිරිපත් කළ කරුණු සලකා බලා පොලිස් කොමිෂන් සභාව මගින් පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.