අද (08දා) අළුයම තුනට පමන කොල්ලුපිටිය හංදිය අසළ වෙළඳසැලක සිදුවූ යම්කිසි පිපිරිමකින් වෙළඳසැල් 11ට පමණ අලාභහානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
එයින් වෙළඳසැල් තුනකට පමණ දැඩි අලාභ සිදුව ඇති බවත් පොලීසිය පවසයි.
මෙම පිපිරීමෙන් චීන ජාතික යුවළක් හා වෙළඳ සැල් හිමියන් දෙදෙනෙක් සුළු තුවාල ලබා ප්රතිකාර ලබාගෙන ඇති බවත් එක් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.
කොල්ලුපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිස්ක්රීය අංශයේ නිළධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණගාර නිළධාරීන් විසින් පරීක්ෂණ පවත්වයි.