කල්පිටිය කප්පල් අඩිය ඕඩ රක්ෂිතයේ,පසුගියදා, කඩොලාන කපා දමමින් වන සංහාරයක් සිදු කළ බවට සැක පිට එම ඉඩමේ හිමිකරුයයි කියා ගන්නා අයෙකු, බැකෝ යන්ත්ර ක්රියාකරුවෙකු සහ කඩොලාන කැපීමට යොදා ගන්නා ලද බැකෝ යන්ත්රය කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉඩමේ හිමිකරුයැයි පවසන පුද්ගලයා කල්පිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්රාම නිළධාරීවරයෙකුගේ ඥාති සහෝදරයෙකි.
බැකෝයන්ත්රය ක්රියාකරු නොරෝච්චෝල පදිංචිකරුවෙකි.
සැකකරුවන් 10 දින පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි