මත් උවදුර පිටු දැකීම සඳහා නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත උතුරු නියෝජ්‍ය පොලිස්පති දිසාවෙන් ආරම්භ වී තිබේ. ‘කෙලින්ම කියන්න’ නමින් ශ්‍රී ලංකා පොලීසිය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධණ බලකායේ උපදෙස් හා සහාය ඇතිව මෙම වැඩපිළිවෙල ආරම්ඵ කර තිබේ.
මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මධ්‍යසාර පිළිබඳවත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳවත් තොරතුරු ලබා ගැනීම අරමුණු කරගෙන ගම්පහ, මීගමුව හා කැළණිය පොලිස් කොට්ඨාස තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
මෙහිදී නව දුරකතන අංක තුනක් මෙන්ම නව වෙබ් අඩවියක්ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මීගමුව - 071-3680001
ගම්පහ - 071-3210001
කැළණිය - 071-3580001