කිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්රදේශයේදී ඊයේ (27) දින සිදු වූ රියඅනතුරකින් පියා හා පුතුන් දෙදෙනා මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.
පලෙයි ඉත්තාවිල් ප්රදේශයේ ටිපර් රථයක් සහ කාර් රථයක් මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අතර කාර් රථයේ හෝ ටිපර් රථයේ අධික වේගය හේතුවෙන් රියදුරන්ට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව අති බවට පොලීසිය සැක පළ කර සිටියි.
අනතුර සිදුවන අවස්ථාවේදී කාර් රථයේ පියා සහ දරුවන් දෙදෙනා ගමන් කොට ඇති අතර දරුවන් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් තිබුණ අතර බරපතල තුවාල ලැබූ පියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ පලෙයි ධර්මකේනි ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි ඒ.සර්ගුණම් 16 හැවිරදි සර්ගුණම් සරූජන් සහ 08 හැවිරිදි සර්ගුණම් සාරංගන් යන අය බව පොලීසිය පවසයි.