කිලිනොච්චිය කන්දපුරම් ප්‍රදේශයේදී ඊයේ (08) සවස ගෙවත්තක පොල් ගසක් කඩා වැටීමෙන් එයට යටවි අවුරුදු එකක් වයසැති දැරියක් මියගොස් ඇති බවට කිලිනොච්චිය අක්කරායාන් පොලීසිය පවසයි.
දැරිය සිය කිරිඅම්මත් සමග ගෙවත්තේ ළිඳ ආසන්නයට ගොස් ඇති අතර එහිදි කිරිඅම්මා දිය නාන අතරේ දැරිය සෙල්ලම් කරමින් සිට ඇත. එහිදි ළිඳ ආසන්නයේ තිබුණු පොල් ගසක් එකවරම ඉදිරි දැරිය සිටි දෙසට කඩා වැටි ඇති අතර එහිදි දැරිය පොල් ගසට යටවි ඇත.
අනතුරුව එම අවස්ථාවේදිම දැරිය කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළද ඒ වන විටත් මිය ගොස් සිටි බවට කිලිනොච්චිය රෝහලේ වෛද්‍යවරුන් පැවසූහ.
මියගිය දැරියගේ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය මහා රෝහලේ තැන්පත් කොට ඇති අතර අක්කරායන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.