ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් විශේෂයෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව හා උතුරුමැද පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව හා මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 -150 පමණ තද වැසිද, සබරගමුව හා බස්නාහිර පළාත්වලත් නුවර එළිය හා ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය එළැඹෙන 20 දා තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍ර දේශ නායයෑම, පහත් බිම් ජලයෙන් යටවීම හා මාර්ග අසළ ඇති විශාල ගස් ගැලවී යෑම සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.