අද දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා ගෙනැවිත් තිබෙන පනතක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ආදායම් බදු නොගෙවා වංචා කළ පුද්ගලයන් මෙන්ම, වංචාවන් සම්බන්ධයෙන් නඩු පැවරී නැති අය එම වංචනික මුදල් යළි භාවිතයට ගැනීම සඳහා ආයෝජනය කිරීම හෝ තැන්පත් කිරීම සඳහා මෙම පනතින් අවකාශ සලසා ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
අද (සැප්තැම්බර් 7) මාධ්‍ය හමුවක් පවත්වමින් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියළුම නීති පසෙකලා බදු වංචාකරුවන්ට දැවැන්ත බදු සහන ලබාදුන් ආණ්ඩුව, එම වංචාකරුවන්ට නඩු පැවරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව මොට කරමින් ධන කුවේරයන්ට තවදුරටත් සහන සැළසීමේ අරමුණෙන් මෙම පනත ඉදිරිපත් කර ඇති බවය.
එසේ බදු සහන ලබාදුන්න ද, ආයෝජනයන් වැඩි නොවූ බවත්, ගෝඨාභය රජයේ මුල් මාස 3 තුළ ආර්ථික වර්ධන වේගය -1.6% දක්වා පසු බෑ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම කිසිම ආකාරයක නිල ව්‍යාපාරික කටයුත්තකින් උපයා නොගත් මුදල් එනම් කළු සල්ලි සුදු කරගැනීම සඳහා ආණ්ඩුව විසින් අවස්ථාව සළසා දී තිබේ.
“මේ ආණ්ඩුව සත්ගුණවත්, ධර්මපාලතුමාගේ අවතාරය කියපු අය. මේ ආණ්ඩුව බෞද්ධ පංචශීලය මත ක්‍රියාත්මක වෙන බවට ජනතාවට පොරොන්දු දීපු අය. කුලියට මිනී කරපු මිනිස්සුන්ගේ සල්ලි නීතිගත කරන්න මත් කුඩු ජාවාරම් කාරයින්ගේ සල්ලි නීතිගත කරන්න රාජ්‍ය දේපල මංකොල්ල කාපු අයගේ සල්ලි නීතිගත කරන්න දරන මේ උත්සාහයට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා අපි බලන් ඉන්නවා.
ඒ වගේම වාමාංශික සටන් පාඨ කියමින් ධනපතියන්ට බැනවදිමින් ධනේශ්වර ක්‍රමය නව ලිබරල්වාදය ගැන සටන් පාඨ කියපු අයට කිසිම නව ලිබරල්වාදියෙක්වත් පසුගිය කාලවල් වල යෝජනා නොකර විදිහට තක්කඩි රංචු වලට, මංකොල්ලකාරයින්ට දඬුවම් දෙනවා වෙනුවට බදු සහන දීපු ආණ්ඩුවේ මේකට අද කොහොමද ඡන්දෙ දෙන්නේ කියන එක මත ඒගොල්ලන්ගේ වාමාංශික ඉතිහාසයත් තීරණය වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.”