ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට තර්ජනය කොට පහරදිමට තැත්කිරිමේ සිද්ධිය හා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවිකාවකට හා සේවකයෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්දයෙන් මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් ආරම්භකොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරින් කරාපිටිය රෝහලට පැමිණ මේ වනවිට මෙම සිද්ධි දෙක සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවද රෝහල් අධ්යක්ෂවරයා පවසයි. මෙම සිදුවිම් දෙක සම්බන්දයෙන් දෙපාර්ශවයෙන්ම තමන්ට පැමිණිලි ලැබුණු බවත් මේ පිළිබද විනය පරික්ෂණයක් සිදුකිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මගින් එම පැමිණිලි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමුකිරිමට කටයුතු කරඇති බවද රෝහල් අධ්යක්ෂකවරයාපැවසීය.
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් විශ්‍රාමයාම සදහා අවශ්‍ය කටයුතු කරණ ලෙස ඉල්ලිමක් කොට ඇති බවත් ඔහු විශ්‍රාම ගැන්විම සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරගෙන යමින් පවතින බවද රෝහල් අධ්යක්ෂවරයා කියයි.
මේ අතර පිළිකා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විශ්‍රාමයාමට තීන්දුකිරිම නිසා ඉදිරියේ දි පිළිකා ශල්‍යකර්මවලට ලක්කළයුතු පිලිකා රෝගින්ගේ පෝලිම දිගු වියහැකි බවත් මේ නිසා පිලිකා රෝගින් ගැටළු රැසකට ලක්විය හැකි බවට පිලිකා රෝගිහු පවසති. මෙම ශල්‍ය වෛද්‍යවරයා විසින් දිනකට ශල්‍යකර්ම හයක් පමණ සිදුකරන බවත් ඔහු දිවා රාත්‍රි නොබලා විශාල සේවාවක් සිදුකරන ශල්‍ය වෛද්‍යවරයකු බවත් පිළිකා රෝගිහු පවසති.
පිලිකා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට තර්ජනය කොට පහරදුන් බව කියන රොහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් සිව් දෙනාම වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.
පොලිසිය විසින් මෙහි දෙවැනි සිද්ධිය සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක කොට ඇතත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට පහරදිමට සම්බන්ද කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවද හෙතෙම පවසයි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට පහරදිම තැත්කළ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් සිව්දෙනෙකු හදුනාගෙන ඇති බවත් මේ පිළිබද පොලිසිය විසින් අවශ්‍ය නිතිමය කටයුතු නොකළහොත් ඉදිරියේ දි දැඩි තීන්දුවක් ගැනිමට සිදුවන බවත් වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදුදා දින (22) මේ පිළිබද ඉදිරික්රියාමාර්ග ගැනිම සදහා රැස්වන බවද වෛද්‍ය කමල් කොඩිකාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
හිනිදුම රවින්ද්රශ්රීලාල්