කර්මාන්ත ශාලා ග්රාමීයව ව්‍යාප්ත කරන්න ජනපති උපදෙස්
ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලු වලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමඟ සාකච්ඡාවකට අද (22) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව තිබේ.
ජනපති කාර්යාලයේ පැවැති මෙම හමුවේී ඇඟලුම් ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙසත් ජනපතිවරයා මෙහිදී ආයෝජකයින්ට ආරාධනා කර තිබේ.
වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කරමින්, එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දි තිබේ.
වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවාගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවාගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළ බවත් අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් බවත් ජනපතිවරයා පැවැසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

