අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවේය.
විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බවත් ” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට” එමෙන්ම ඉදිරියේදී තමන් දේශපාලනයට සම්බන්ධ වීමට වුවද හැකියාවක් ඇති බවද ඇය මෙහිදී කියා සිටියා.