ශ්රී ලංකාවේ විවාහක රූ රැජින ලෙසින් කිරුළ පළඳා නොබෝ වේලාවකින් එම කිරුළ ඉවත් කළ පුෂ්පිකාද සිල්වා මහත්මිය හෙට දිනයේදී යළිත් විවාහක රූ රැජින ලෙසින් කිරුළ පැළඳීමට නියමිතව තිබේ.
ඒ හෙට කොළඹදී පැවැත්වෙන මාධය හමුවකදීය. ඇයට කිරුළ පැළඳූ ලෝක විවාහක රූ රැජින කැරොලීන් ජූලි විසින්ම එය ඉවත් කිරීමට කටයුතු කළාය.
පුෂ්පිකා මේ වන විට රෝහල්ගතව සිටියි. ඒ කිරුළ ඉවත් කිරීමේදී ඇයගේ හිසට සිදුවූ තුවාල හේතුවෙනි.
එසේම ඇයගේ කිරුළ ඉවත් කිරීම සම්බන්ධයෙන් කැරොලීන්ට හා චූලා පද්මේන්ද්රන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.