කුරුවිට බන්ධනාගාරයේ සිර දඩුවම් විදින පුද්ගලයකු මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ බෙදාහැරිමේ කටයුතු සිදුකරන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී (20 ) රාත්‍රී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිස් අධිකාරී උදය අමරතුංග මහතා පැවසීය
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් දෙසීයක් පොලිස් භාරයට ගෙන ඇත
වැටලීම් කණ්ඩායමට ලද රහසිගත තොරතුරක් අනුව සැකකාර පුද්ගලයා පානදුර දෙස සිට වාද්දුව දෙසට පැමිණෙමින් සිටියදී තල්පිටිය මැද පාරට හැරෙන හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරිවරයා කීය .
ජංගම දුරකථන හරහා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයා ලබාදෙන උපදෙස් මත විදුලි කණු බෝක්කු පාලම් ආදී ස්ථානවල නාඳුනන පුද්ගලයන් තබා තිබෙන
මත්කුඩු තොග ලබාගෙන ඊසි හරහා එම මත්කුඩු තොග වශයෙන් බෙදා හැරීම මෙම පුද්ගලයාට පැවරී ඇති කාර්යය බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරු ට මහධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මත්ද්‍රව්‍ය නඩු හතරක් ඇතුළු තවත් නඩු 8කට ආසන්න ප්රමාණයක්තිබෙන බවත් පොලිසිය කියයි
33 හැවිරිදි සැකකරු පානදුර නල්ලුරුව පදිංචිකරුවෙකි