ශ්රී ලංකාවේ විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ අවසන් අවස්ථාවේදී සිදුවූ සිදුවීම පිළිබඳව ලෝක විවාහක රූ රැජින තරගාවලි සංවිධායකයන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ වර්තමාන ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූලිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය කනස්සල්ලට පත්වෙන බවයි.
ඊයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කැරොලයින්ගේ හැසිරීම ශ්රී ලංකාවේ විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ ආචාරධර්ම පද්ධතියට පටහැනි බවයි.
මේ පිළිබඳව තම සංවිධානය යම් ඇගයීමක් කරන බවත් එහි ප්රථිපල අනුව කැරොලයින් සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් ඔවුන් පවසයි.
එසේම ශ්රී ලංකාවේ විවාහක රූ රැජින තරගාවලියේ ලෝක අධ්යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා ඉදිරියේදී කැරොලයින් ජූරිට සිය ක්රියාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෙසත් ඒ පිළිබඳව සමාව ගන්නා ලෙසත් දැනුම් දීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.