කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් යානයක් කටුනායකට
කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01දා) දහවල් ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙයයි ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී. - 55 දරණ ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු මගීන් 11 දෙනෙකු සිටියහ.
මෙම ගුවන් යානය 3/01 දින උදෑසන 9.42 ට හොංකොං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති අතර, යානයේ ටයර් පද්ධතිය මෙසේ කාර්මික දෝෂයකට ලක් වීම නිසා යළිත් දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැසීමක් සිදු කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වූ මෙම ගුවන් යානය ඇති වූ කාර්මික දෝශය නියමුවා විසින් අනාවරණය කර ගැනීමෙන් පසු , වහාම ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
පසුව ගුවන් යානය මුහුදු ප්‍රදේශයේ දී වඩාත් පහතට රැගෙන ආ ගුවන් නියමුවා , යානය තුළ වූ ඉන්ධන සියල්ලම මුහුදට මුදා හැරීමට පියවර ගෙන තිබුණි.
එ අතර ගිනි නිවීම් රථ , ගිලන් රථ ආදිය සූදානම් කිරීමට ගුවන් තොටුපළ පියවර ගෙන තිබූ අතර , 3/01 දින දහවල් 12.40 ට මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට සමත් වී තිබේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
