හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තවත් වාට්ටු 04ක් කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
රෝහලේ 11,15,17, හා21 යන වාට්ටු අලුතෙන් කොවිඩ් ආසාදිත රෝගින් සදහා වෙන්කොට ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මේ වනවිට කරාපිටිය රෝහලේ කොවිඩි ආසාදිත රෝගින් වෙනුවෙන් වාට්ටු 07ක් වෙන්කොට ඇත.
35,36 හා 25 වාට්ටු කොවිඩ් ආසාදිත රෝගින් සදහා වෙන්කොට ඇත. මිටපෙර කොවිඩ් ආසාදිත රෝගින් සදහා වෙන්කොට තිබු 46 වාට්ටුව ඉවත්කොට ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙකි වාට්ටු 07 තුල රෝගින් සදහා ඇදන් 251ක් තිබෙන බවද ඒ මහතා පවසයි.
මිට අමතරව රෝහල මගින් පාලනය වන වළහන්දුව කරුදුවත්ත අතරමැදි වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ඇදන් 252ක් රෝගින් සදහා වෙන්කොට ඇත.
කරාපිටිය රෝහලේ කොවිඩ් දැඩිසත්කාර ඒකකයේ ඇදන් 05ක් හා අක්මිමින මැලිබන් රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් ඇදන් 40ක් වෙන්කොට ඇති බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
රවින්ද්රශ්රිලාල් චන්දන සමරවික්‍රම