ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 171 දෙනෙකුට ඉකුත් මාස එකහමාරක කාලය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයින් අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ගිලන්රථ රියදුරන්, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් පරිපුරක වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින් සිටින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
මේ අතර ඉකුත් පැය 24ක කාලය තුලදි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු ඇතුලත්කොට ඇති අතර කොවිඩ් මරණ 05ක් වාර්තා වි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. මෙම කාලය තුලදි රෝහලේ බාහිර ප්‍රථිකාර අංශය තුලදි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 314ක් සිදුකොට ඇති අතර ඉන් 24 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. පි.සි.ආර්. පරික්ෂණ 10ක් සිදුකොට ඇති අතර ඉන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
රවින්ද්රශ්රිලාල් චන්දන සමරවික්‍රම