හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසය තුලදි පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
කොවිඩ් වෛරසය ආසාදනය වුවන් අතර වෛද්‍යවරු 11 දෙනෙකු , හෙද හෙදියන් 55 දෙනෙකු, අතුරු වෛද්‍ය සේවාවේ 10 දෙනෙකු සිටින බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
ඉකුත් පැය 24 ක කාලය තුලිදිත් බාහිර රෝගි අංශයේ දි කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි රෝහල් කාර්යමණ්ඩලයේ 04 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
සෑම දිනකම පාහේ රෝහල් කාර්යමණ්ඩලයේ දෙතුන් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වන බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
රවින්ද්රශ්රිලාල් චන්දන සමරවික්‍රම