කොවිඩ් ආසාදිත රෝගීන්ගේ හා අසාධ්‍ය නොවන සියලුම රෝගින්ගේ දත්ත හා ඔවුන්ට අවශ්‍ය ආහාර බෙහෙත් වර්ග ආදි සියලුම කටයුතු සාර්ථකව කල හැකි රෝබෝ යන්ත්‍රයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදිශිෂ්‍ය විද්‍යාර්ථයින්ගේ නවසිලන්ත එකමුතුව විසින් නිෂ්පාදනය කර තිබේ.
එය රෝහලට පරිත්‍යාග කිරිම අද (29) මහනුවර ජාතික රෝහලේ කොව්ඩ් 19 සදහා වෙන්වු 36 වාට්ටුවේදි සිදු කෙරිණි.
මෙම රෝබෝ යන්ත්‍රය නිෂ්පාදනය සදහා රැපියල් 485.000.00 ක මුලු පිරිවැයම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදිශිෂ්‍ය විද්‍යාර්ථයින්ගේ නවසිලන්ත එකමුතුව විසින් සපයනු ලැබු අතර මෙම රෝබෝ යන්ත්‍රය සැලසුම් කිරිම,දියුණු කිරිම හා එකලස් කිරිම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුව QRBOTS සාමාජිකයින් විසින් සිදු කරනු ලැබ ඇත.
මෙම රෝබෝ යන්ත්‍රය මගින්
ආරක්ෂාව සහතික කිරීම සඳහා රොබෝ යන්ත්‍රයට ද්විත්ව කැමරා දෘෂ්ටිය පදනම් කරගත් බාධක වළක්වා ගැනීමේ පද්ධතියක් ඇත.
පරිඝනක යතුරු පුවරුවක් /ජොයිස්ටික්උපකරණයක් / ලැප්ටොප් පරිගණකයක් මගින් දුරස්ථව අන්තර්ජාලය හරහා රොබෝ යන්ත්‍ර පහසුවෙන් පාලනය කළ හැකිය. අනාගතයේදී රෝගීන්ගේ මුහුණු හඳුනා ගැනීම සහ හඳුනාගත් පරිසරයක කැමරා දෘෂ්ටිය මත පදනම්වූ ස්වයංක්‍රීයව ගමන් කිරීමේ හැකියාවක්ද ඊට ඇතුළත් වේ.
වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය සේවා සපයන්නන්ට රොබෝ යන්ත්‍රය හරහා දුරස්ථව රෝගියා සමඟ සන්නිවේදනය කිරීම හා නිරීක්ෂණය කළ හැකිය. සෞඛ්‍ය සේවා සපයන්නා සහ රෝගියා යන දෙදෙනාටම සජීවී ශ්‍රව්‍ය / දෘශ්‍ය සංවාදයක් සඳහා කැමරාවක් සහ දෘශ්‍ය මොනිටරයක් බැගින් ඇත.
රොබෝ යන්ත්‍රයෙහි සවිකර ඇති කැමරාව දුරස්ථව සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ අභිමතය පරිදි රෝගියා වෙත ඉලක්ක කළ හැකිය .
රොබෝ යන්ත්‍රය මත ඇති කැමරාව සහ තිරය මඟින් රෝගීන්ට සෞඛ්‍ය ආරක්ෂණ සැපයුම්කරුගෙන් දෘශ්‍ය විධාන සහ උපදෙස් ලබාගත හැකිය. රෝගියා සහ සෞඛ්‍ය සේවා සපයන්නා අතර මෙම ශ්‍රව්‍යදෘශ්‍ය සම්බන්ධතාවය මගින් රෝගියාගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කළ හැකිය.
මෙම රොබෝ යන්ත්‍ර තුළ භාවිතා කරන තාක්ෂණයන් (Wi-Fi ආදිය) ආරක්ෂිත වන අතර මිනිසුන්ට කිසිදු හානියක් සිදු නොවේ.
පැයකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ප්‍රමාණවත් වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් රොබෝ යන්ත්‍රයට ඇත.
වැනි සේවාවන් මෙහිදි ලබා ගත හැකියි.
මෙම අවස්ථාව සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති . මහචාර්ය උපුල් දිසානායක මහතා සහ මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේසා ප්‍රනාන්දු මහත්මියද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගැමුණු හේරත් මහතාද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තු ආචාර්ය සංජීව මෛත්‍රීපාල ආචාර්ය ප්‍රසන්න ගුණවර්ධන මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුව QRBOTS සාමාජිකයින් සහභාගිවිය.