පුද්ගලයකුගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී වෛරසය ඇති නැති බවට ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයේ ඉතා කාර්යක්ෂම කොවිඩ් පර්යේෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කොට තිබේ .
පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම පර්යේෂණ කට්ටලය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළහොත්දිනකට රුපියල් ලක්ෂ 300ක් වැනි මුදලක් රජයට මෙමගින් ඉතිරි කරගත හැකි බවයි.
විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී ප්‍රතිඵල පෙන්වන මෙම පරීක්ෂණ කට්ටලය දැනට ඇති අනෙකුත් පර්යේෂණ කට්ටල වලට වඩා වැඩි ම සංවේදී තාවක් සහිත වූවක් බවත් ඛේටය මඟින් පරීක්ෂාවන් සිදු කළ හැකි ආකාරයට මේ වනවිට වැඩි දියුණු කරමින් පවතින බවත් එම පර්යේෂණය සැලසුම් කළ පේරදෙනිය සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා පවසා සිටී .
පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පවසා සිටියේ පර්යේෂණයට යොදා ගන්නා සාම්පල තුළ කොවිඩ්වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවැතිය ද විනාඩි 30 ක්වැනි කෙටිකාලයකදී වෛරසය ඇති නැති බව ප්‍රතිඵල ලබා දීමට මේ පරීක්ෂාව මගින් සමත්වන බවයි.පී .සි .ආර් . පරීක්ෂණ වලට වැයවන මුදලින් හරි අඩක් පමණ සම්පූර්ණ පරීක්ෂාව සඳහා වැය වන බවත් එහෙයින් වඩාත් ලාභදායී හා නිවැරදිතාවය අතින් වඩාත් ඉහළ ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන මෙම පරීක්ෂාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
මෙම පරීක්ෂණය RT-LAMP ලෙස කෙටියෙන් හැඳින්වෙන බවත් මේ සඳහා අදාල බලධාරීන්ගේ අනුමැතිය ලත් පසු එම පර්යේෂණ උපකරණ කට්ටල දේශීයව නිෂ්පාදනය කර මහා පරිමාණයෙන් බෙදාහැරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය හෝමාගම පිහිටි දේශීය සමාගමක් සමග ගිවිසුම්ගතව තිබේ .
ෂේන් සෙනෙවිරත්න