හදිසි අවස්ථාවක් පැන නැගුන හොත් කොවිඩ්-19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කෙරුණ තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට අදාල රෝගීන් ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මේ වන විට එම රෝහලේ රෝගීන් 28 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එහි පිරිමි ගැහැනු , ළමා,මෙන්ම ගැබිනි මවුවරුන් සඳහා වෙනමම ඒකක තිබෙන බවත් සියලුම තාක්ෂණික උපකරණ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලයක් සහිත ව සත්කාර කටයුතු ක්‍රියාත්මකවන බවද බව ද ඒ මහතා පැවසීය .
පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අධ්යක්ෂවරයා එම තොරතුරු අනාවරණය කර සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති පළාත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රෝගීන් 100 ත් 150 ත් අතර ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් රෝහල තුල පවතින බවත් හදිසි අවශ්‍යතාවක් පැන නැගුනහොත් ලග්ගල පල්ලේගම රෝහල් ද ඒ වෙනුවෙන් සූදානම් කොට ඇති බවයි .
තෙල්දෙණිය රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය හා මූලික සායනික කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන නමුත් රෝගීන් ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බවත් සම්බන්ධයෙන් ජනතාව අතර අනියත බියක් වර්ධනයවී ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් පැවසීය . ආපන ශාලා කොන්ත්‍රාත්කරු මේ වන විට සිය සේවා කටයුතු නවතා දමා ඇති බව ද ඒ මහතා අවධාරණය කළ ඒ මහතා එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ජනතාව ඒකරාශි කොට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ද පැවසීය.
ෂේන් සෙනෙවිරත්න