තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා දල්වමින් සතුටු වූ බව එහි ප්‍රදේශවාසීහු පවසති.
උතුරේ බහුතර පිරිසක් කරුණානිධි මහතා මිය යෑමේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ බවත්, අවසන් යුද සමයේ මුලතිව් ප්‍රදේශයේ ජනතාව දුකට පත් වූ අවස්ථාවේදී මුලතිව් ජනතාව හා උතුරේ ජනතාව වෙනුවෙන් කරුණානිධි මහතා කිසිදු සහයක් නොදැක්වීම හා දමිළ ජනතාව වෙනුවෙන් කිසිදු හිතවාදී ප්‍රකාශයක් නොකිරීම හේතුවෙන් මොහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ ප්‍රසාදයක් නොපවතින බවත් ඔවුහු පැවසූහ.
එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මවට අසනීපයක් ඇති වූ අවස්ථාවේ තමිල්නාඩුවේ තබාගෙන ඇයට ප්‍රතිකාර ලබාදීම කරුණානිධි විසින් ප්‍රතික්ශේප කර තිබීමේ කාරණාව හේතුවෙන්ද දෙමළ ජනතාව තුළ මොහු සම්බන්ධයෙන් පැහැදීමක් නොතිබූ බව මුලතිව් ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.
මුත්තුවේල් කරුණානිධි මහතා පස් වතාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය තනතුරට පත් වූ අයෙකු වන අතර, ඔහු ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල චරිතයක් විය.