කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තාවකාලික අනුයුක්තය පිළි නොගෙන එම තනතුරේ රැඳී සිටියදීම එම තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සඳහා තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු මෙසේ පත් කිරීම විශේෂත්වයකි .
තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමත් සමගම වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට විරෝධය පළ කරමින් රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව රෝහලේ වහළ මතට නැඟ දින පහක සිටි පවත්වාගෙන ගිය විරෝධතාවයද අද දින අවසන් කළහ .
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අද දිනයේ රෝහලට වාර්තා කර නොතිබූ අතර නව අධ්යක්ෂවරයා ලෙස රාජකාරි භාරගත් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් ඔහු තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බවත් එතෙක් මාසයක පමණ කාලයකට එම තනතුර සඳහා තමන් පත්කර ඇති බවත්ය