වසර 30ක ත්‍රස්තවාද යුද්ධයට හිරවී විවිධ දුක්කරදරවලට මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාව යුද්ධය අවසන් කළ පසුව එකමුතුව, සැනසීමෙන් ජිවත්වන පරිසරයක දමිළ මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කරලීමේ අරමුණින් විනයාගමුර්ති මුරලිදරන් ( කරුණ අම්මාන් ක්‍රියාකරමින් සිටින බව නැගෙනහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය එම්.එස් සුබයිර් මහතා සඳහන් කරයි.
ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඔහුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් දමිළ මුස්ලිම් තරුණයින් පොළඹවා ජාතින් අතර ගැටුම් ඇති කිරිමට ක්‍රියා කරන බවයි.
එම ලිපියේ අඩංගු කරුණු පහත පරිදිය.
“පසුගිය වසර 30ක කාලයක් පැවැත්වුණු යුද්ධය නිම කිරීමෙන් අනතුරුව රටේ සාමය සමාදානය ඇතිවි ජනතාව සැනසීමෙන් ප්‍රීතියෙන් ජීවත්වූ අවස්ථාවක යහපාලනය යන හැම පොරවාගත් යම් පිරිසකට පත්වී මෙරට විනාශ වුනි . මෙවැනි අවස්ථාවක පසුගියදා පවත්වන ලද ජනාධිපති මැතිවරණයේ රටේ බහුතර ජනතාව ඔබතුමන්ට සහයෝගය ලබාදෙමින් පාලන බලය ලබා දෙන ලදී.
යුද සමයේ උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දුන් දුක් කරදර ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණක්ය. මෙරට මහින්ද රාජපක්ෂ භාරගත් විට එතුමන්ගේ මුලිකත්වයෙන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ඔබතුමා ජාත්‍යන්තර බලපෑම් තර්ජන නොතකා යුද්ධය අවසන් කර සාමය සමඟිය ඇති කිරීම ඉතිහාස ගතවුනි. එම සත්ක්‍රියාවට ජනතාව කලගුණ දැක්වීමටයි මෙවැනි බහුතර සහයෝගයක් ලබා දී ඇත්තේ.
යුද්ධය නිම කර රටේ සාමය සමඟිය ඇති කරලීමට දහස්ගණන් හමුදා සෙබලුන් හා රටේ ආර්ථිකය අහිමිකර ගත්තෙමු. එම නිසා තමා මෙරටේ ජනතාව බියෙන් සැකයෙන් තොරව සැනසීමෙන් ජීවත්වීමේ පරිසරයක් උදාවුණේ. ඉතා දුෂ්කරතාව මැද ඇති කරගත් සාමය බිද දැමීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතයි.
නැගෙනහිර පළාතේ ජිවත්වන දමිළ මුස්ලිම් ජනතාව අතර ඇති එකමුතුකම බිඳ දමා මෙරටේ නැවත ගැටලු ඇති කිරීමට උත්සාහ දරයි. මෙවැනි ක්‍රියාකාරකම්වලින් දමිළ මුස්ලිම් තරුණයින් උසිගෙන්වීමෙන් අනාගතයේදී ජාතින් අතර ගැටුම් ඇති වීමට ඉඩ ඇත. මෙම කරුණු සම්බන්ධව රජය අවධානය යොමුකිරිම කාලෝචිතයි
විශේෂයෙන්ම විමුක්ති කොටීන්ගේ නැගෙනහිර පළාත් හිටපු ආඥාපති ලෙස කටයුතු කල විනයාගමුර්ති මුරලිදරන් ( කරුණා අම්මාන් ) මේ කාලයේ ජාතිවාද ක්‍රියාකාරකම් උසිගන්වන සේ ක්‍රියාකරයි . ඔහු දමිළ ජනතාව අතර මුස්ලිම්වරුන්වන් පිළිබඳ විවේචානාත්මක වෛරීය කතා කරමින් සිටිති . මොහුගේ ක්‍රියාකාරකම් නිසා නැගෙනහිර ජාතින් අතර ගැටුමක් ඇති වේවි යනු බියක් ඇතිවී ඇත.
මුස්ලිම් නායකයින් දමිළ ජනයාව වලලා දැමීම අරමුණින් ක්‍රියාකරන බවත් මුස්ලිම් බලවේගවල වර්ධනය වැලැක්විමටත්, ඔවුන්ව යටහත් කර පාලනය කිරීමට තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන බවට ප්‍රචාරය කරමින් සිටි. එපමණක් නොව නව භාරකාර රජයේ මුස්ලිම්වරයෙකු පත් නොකිරීම ඔහු සතුටට පත්වන බවට පවසයි . මෙම ප්‍රකාශය ඔහුගේ ජාතිවාදයේ උච්චම අවස්ථාවකි
මුස්ලිම් ප්‍රජාවටත් මහින්ද රාජපක්ෂ පවුල අතර කිසිම භේදයක් නොමැත. මෙම රජයේ මුස්ලිම්වරුන් කොටස්කරුවන් ලෙස කටයුතු කිරීමට සුදානම්වී සිටිති . විශේෂයෙන්ම මෙරටේ මුස්ලිම්වරුන් ඊලාම් රාජ්‍ය ඉල්ලා හෝ රටට ද්‍රෝහිව කටයුතු කළ අවස්ථාවන් නොමැත. ඒවා කරුණා අම්මාන් දැනුගත යුතුයි.
පසුගිය කාලවල දමිළ ජනයාට වැරදි මාර්ගෝපදේශකත්වය ලබාදී විමුක්ති කොටි සංවිධානයේ ප්‍රධාන නිලතල දරමින් මෙරටට එරෙහිව යුද්ධයක් කළ කරුණා අම්මාන් මුස්ලිම් නායකයින් දමිළ ජනතාව වලලා දැමීමට කටයුතු කරන බවට ප්‍රකාශ කිරීම විහිලුවක්ය . යුධ සමයේ අපරාධ හා හිංසාකර අහිංසක ජනයා මරා දැමු මෙරට අපකිර්තියට පත් කළ ඔහුගේ අවස්ථාවාදී දේශපාලනය නිසා අවලාද නගති. දේශපාලන බලයක් ලබාගැනිමට ඔහු මෙසේ ක්‍රියාකරයි.
ආයුධ අතට ගෙන කිසිදෙයක් කිරීමට නොහැකිය බව දෑනගත් කරුණා අම්මාන් දේශපාලන මාර්ගයට පිවිසි තානාත්තර ලබා දේශපාලන කටයුතු කලද අවසානයෙදි දමිළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඔහුට දමිළ ජනතාව අතර කිසිම ගරුත්වයක් නොමැත. දේශපාලන බංකොළොත් භාවයේ සිටිමින් නැවත දේශපාලන බලය ලබාගැනිම සදහා වර්තමානයේ ජාතිවාදය වපුරයි . මොහුගේ අධික්රියාමාර්ගය රටේ ආර්ථිකය ජනතාවගේ නිදහස් ක්‍රියාදාමවලට බලපෑම් සිදුකල හැකිය. ඒ සමග උදාවූ නව පාලනයට අවනම්බුවක් ඇති කරයි.
රටේ සංහිඳියාව ඇතිකර ජාතීන් අතර සහජීවනය ඇති කරලීමට කැපවිය යුතු කාල වකවානුවේ කරුණා අම්මාන් වැනි අයගේ ක්‍රියාකාරකම් ඒවාට හාස්පසින් වෙනස් වේ. අරාජිකත්වයේ ප්රචණ්ඩතාවයට හුරුවූ ඔවුන්ට ප්රජාතන්ත්රවාද ප්රවාහයේ ගමන් කිරීමට නොහැකිවි ඇත. එබැවින් ඔහුගේ ක්‍රියාමාර්ගය සම්බන්ධව රජය අවධානය යොමුකර ඒ සමඟම සාමය කඩකරන කුමන කුමන්ත්‍රණය නොබලා ක්‍රියාකළ යුතු බවට” එම ලිපියේ සඳහන් වේ.
ටි.ඒල්. ජව්ෆර්කාන්