නිමාවට පත්වූ දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා අමාත්‍යවරයාට ප්‍රවේශපත්‍ර 800ක් ලබාදුන් බවට පළවන මාධ්‍ය වාර්තා ප්රතික්ෂෙප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඊයේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ එම තරගාවලියේ තරග දෙකක් නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ආධරකරුවන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර 800ක් නිකුත් කර ඇති බවයි.
එම චෝදනා පදනම් විරහිත බවත් ජාත්‍යන්තර තරගවලදී අමාත්‍යවරයාට ප්‍ර වේශපත්‍ර ලබාදෙන්නේ 'Minister’s Box,’ හි පුද්ගලයන් වෙනුවෙන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.