සෞභාග්‍යයේ ගම්මාන වැඩසටහන යටෙත් ආරම්භ කෙරුණ කිරි ගම්මානවල කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙලක් රජය ක්‍රියාවට නංවා තිබෙනවා.
දිවයින පුරා කිරි ගම්මාන ශක්තිමත් කර දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ අරමුණයි.
ඒ යටෙත් සෞභාග්‍යයේ ගම්මාන වැඩසටහන මඟින් කිරි ගම්මාන පිහිටුවීම සිදු කෙරුණා. එවැනි ගම්මානවල කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා කිරි ගොවීන්ට මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මකයි.
ඒ යටතේ පොළොන්නරුව, අලුත්වැව කිරි ගම්මානයේ කිරි ගොවීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් මූල්‍යාධාර ලබාදීම සිදුකෙරුණේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.