සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය විසින් එක්සත් ජාතික පක්ෂයේ නායක ධුරයට කථානායක කරු ජයසූරිය මහතා පත් කරන ලෙස පක්ෂයේ වර්තමාන නායකත්වයෙන් හා එ.ජා.ප.යේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇතත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.
එම භික්ෂු සංසදයේ සාමාජික දැලිවේ නාරද හිමියන් සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පසුගිය 10 වැනිදා ලිපියක් භාරදී කරුණු පැහැදිලි කළද, මේ දක්වා කැඳවීමක් හෝ පිළිතුරක් ලබාදී නොමැති බවයි.
නායකත්ව පාර්ශ්වයෙන් ඉතා ඉක්මන් කැඳවීමක් අපේක්ෂා කරන බවත්, එය තවත් පමා කරන්නේ නම් 10 වැනිදා ලබාදුන් ලිපිය අනුව කටයුතු කිරීමට සිදුවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ස්වාමීන් වහන්සේලා 16 නමක් අත්සන් කර භාරදුන් එම ලිපිය මගින්, කරු ජයසූරිය මහතා නායකත්වයට පත් කරන ලෙසත්, එම යෝජනා ඉවතලන්නේ නම්, තමන් වහන්සේලාට නිහඬව මුනිවත රැකීමට සිදුවන බවද දක්වා තිබිණි.
කරු ජයසූරිය මහතා කාටත් පිළිගත හැකි නායකත්වයට සුදුසුම පුද්ගලයා බවත්, ඔහුට නායක ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය පරිණතභාවය, දේශපාලන ඥානයද පවතින බවත් අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත.
එසේම එ.ජා.ප.ය මෙහෙය වීමට අවශ්‍ය ප්‍රභූත්වය හා සිංහල බෞද්ධ නායකත්වයට සුදුසුම පුද්ගලයා ඔහු බවත්, ජාති ආගම් භේදයෙන් තොරව සියලු අනෙකුත් සංවිධාන එකමුතු කිරීමේ ශක්තිය ඔහුට තිබෙන බවත් අදාළ ලිපිය මගින් දක්වා ඇති අතර, කරු ජයසූරිය මහතා පක්ෂයේ නායකත්වයට පත්වුවහොත් ලබන මැතිවරණයෙන් පසුව ඔහු විශ්‍රාම ගෙන පක්ෂය සම්පූර්ණයෙන්ම තරුණ හා බුද්ධිමත් කණ්ඩායමකට බාර දෙනු ඇති බවද එම ලිපිය මගින් වැඩිදුරටත් කරුණු පෙන්වාදී තිබේ.
අස්ගිරිමහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ රතනජෝති හිමි, අනුනායක මාතලේ ධම්මකුසල හිමි, වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මුගුණුවටවන සිද්ධත්ත හිමි, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි, උතුරු මැද පළාතේ උපප්‍රධාන සංඝනායක මාන්කඩවල පියරතන හිමි, උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක ටී. චන්ද්‍රරතන හිමි, මැදදුම්බර හා පාතදුම්බර ප්‍රධාන සංඝනායක තල්පොත ධම්මජෝති හිමි, පොළොන්නරු තමන්කඩු දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලැගුම්දෙණියේ පියරතන හිමි, මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි, ආචාර්ය කුඹුල්ගොඩ ධම්මාලෝක හිමි, ආචාර්ය මාදම්පාගම අස්සජි හිමි, කරකොළේ පියදස්සි හිමි, මාරපන හේමානන්ද හිමි, වට්ටප්පොළ සීවලි හිමි, මානෙල්ගමුවේ පියනන්ද හිමි, දැලිවේ නාරද හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ලබාදී තිබිණි.