කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ දී පසුගිය දා යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතාගෙන් ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම කරුණු විමසා තිබේ.
ආරක්ෂක ලේකම්වරයා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය කර තිබු දැනුම් දීමකට අනුව ඊයේ (5දා) එහි පෙනී සිටියේය.
මෙම සිදුවීම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් හෙළා දකින බවත් , මේ සම්බන්ධයෙන් යුද හමුදාව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කොමිසමට දැනුම් දී තිබේ.