කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි.
මෙවැනි මහ බැංකු අධිපතිධූර චීනය, සිංගප්පූරුව හා වියට්නාමය යන රටවල ක්‍රියාත්මකය.
ගිවිසුම්වලට එළඹීම, මුදල් හා ප්රා්ග්ධන වෙළඳපොළ සම්බන්ධයෙන් තීරණ ගැනීම වැනි බලයන් සහිත කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපති ධුරයක් පිළිබඳව වත්මන් රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.
ඔහු මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.