සියලු ප්‍රදේශවල නිෂ්පාදිත ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර රජය මිලදී ගැනීමෙන් පසු ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
හාලි ඇල ප්‍රදේශයේ කාබනික ඝන පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පෙරහෙට්ටි ප්‍රදේශයේ ඇති පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ ගොවි ජනතාව දිරිමත් කිරීමට ද කටයුතු කළේය.