ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කොට ගොවින්ට නොමිලේ ලබාදිම සදහා රුපියල් බිලියනයක මුදලක් වෙන්කොට ඇති බව පොහාර නිෂ්පාදන හා සැපයුම් රසායිනික පොහොර හා කෘමිනාශකභාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි.ද සිල්වා මහතා පවසයි.
කාබනික පොහාර නිෂ්පාදනය කොට ගොවින් වෙත ව්‍යාප්ත කිරිමේ වගකිම කොමර්ෂල් පොහොර සමාගම වෙත භාර දි ඇති බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිවි ඇති බවද රාජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.
වස විසෙන් තොරගොවිතැන පිළිබද ප්‍රබල කථිකාවක් මේ වනවිට සමාජය තුල නිර්මානය වි තිබේනවා. රසායිනික පොහොර පිටරටින් ගෙන්විම සදහා රුපියල් බිලියන 35ක මුදලක් මේ කන්නය සදහා වෙන්කරලා තියෙනවා. සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමගේ උපදෙස්මත ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර ව්‍යාප්ත කිරිම තමයි අපේ අරමුණ.
ක්‍රමක් ක්‍රමයෙන් රසායිනික පොහොර භාවිතය අඩුකිරිම තමයි අපේ අරමුණ. රාසායිනික පොහොර භාවිතය නිසා අපේ පස මැරිලා තියෙන්නේ සෞඛ්‍ය ගැටළුත් ඇතිවෙලා තියෙනවා යැයිද රාජ්‍ය ඇමතිවරයා කිවේය.
මේ අතර රජයේ වි මිලදිගැනිමේ වැඩසටහන ගැනද රාජ්‍ය ඇමතිවරයා මෙසේ කිවේය.
ගාල්ල දිස්ත්‍රික්කය තුල ඉතා සාර්ථක ලෙස වී මිලදිගැනිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ සදහා කැපවිමෙන් කටයුතු කරණ ප්‍රියන්ජන් කොමසාරිස්තුමා, හේමපාලවරුෂවිතාන කොමසාරිස්තුමා ගොවිජන සංවර්ධන ප්‍රදේශිය නිලධාරින්, විශේෂයෙන්ම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් වි අලෙවි මණ්ඩලයේ නිලධාරින් කරණ කැපවිම ගැන ස්තුතිවන්ත වන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසිය.