වැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් යැයි විපක්ෂ නායකවරයා පැවසීය.
ගව සම්පත සුරකින සම්මේලනයේදී රට බංකොලොත් කල ප්‍රධානියා විසින් සමගි ජන බලවේගය අවශ්‍ය අවස්ථාවේදී වගකීම බාර නොගෙන මේ වන විට ජනාධිපති සිහිනයක් සිටින බව පැවසූ බවත් රට බංකොලොත් කළ පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ රට හදන්න බැරි නිසා එසේ වගකීම බාර ගැනීමට කැමැත්ත පළ නොකළ බවත් තමා ප්රමුඛ සමගි ජන බලවේගය රට බාර ගන්නේ ජනතා වරමින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
සමගි ජන බලවේගය සෙසු පක්ෂ මෙන් නාලිකාවලට පැමිණ ෆයිල් පෙන්වා බොරු සෝබන නොපෙන්වන බවත් සමගි ජන බලවේගය සෑම විටම ප්‍රායෝගිකව රට බංකොලොත් කළ පිරිස නිතිය හමුවේ ඔප්පු කර අවසන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.
රටේ බංකොලොත්භාවය තුළ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වි ඇති මොහොතක දුප්පත් ජනතාවට සහන සලසන්න විධිමත් වැඩසටහනක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම මැතිවරණ සමයේ පොදුජනතාවට බලය දෙන බව පැවසුවත් බලයට පත් වූ පසු තීන්දු තීරණ ගන්නේ දේශපාලනඥයන් බවත් මේ තත්ත්වය වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවත් ගමේ නගරයේ තීන්දු තීරණ ගැනීමේ බලය තරුණයන්ට ලබා දීම සමගි ජන බලවේග රජයක අරමුණ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම සමගි ජන බලවේග රජයක් තුළ තරුණයන්ට කාන්තාවන්ට බලය ලබා දී තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ අධ්‍යාපනය පවා මුල් ළමා වියේ සිටම දියුනු විය යුතු බව යි.
වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුවේ 134ක් එකතු කර ගෙන ජනාධිපතිවරයා වෙන්න කළින් පිනට ලැබුනු මන්ත්‍රිකමත් බාර නොගෙන සිට පසුව බාර ගත් බවත් ඔහු විපක්ෂයේ සිටින විට කිසිදු ජාතික වැදගත්කමින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් 75 වසරක විපක්ෂයක් නොකළ මහා සේවාවක් සිදු කළ එකම විපක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
සක්වල සහ හුස්ම වැඩසටහන් විපක්ෂය ක්‍රියාත්මක කරන විට එම වැඩසටහන්වලට මඩ ගැසීම රජය විසින් සිදු කරත් සමගි ජන බලවේගයට ලැබෙන සෑම අරමුදලක්ම බංකොලොත් රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතිය දියුණු කරන්න යොදවා ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ය.