කඳුකර ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා අවුරුදු 7ක දරුවෙක් කොළඹට පා ගමනින් එයි
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් දිනා ගැනීම සහ ඒ පිළිබඳව රජය මෙන්ම වගකිවයුතු අංශ දැනුවත් කිරීමේ අරමුණින් තලවාකැලේ නගරයේ සිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත ලිපි භාරදීම සඳහා කිලෝමීටර් 140ක පාගමනක් ආරම්භ කර ඇත.
තලවාකැලේ නගරයෙන් (20) දින ආරම්භ වූ මෙම පාගමන කොටගල නගරයට ළඟා වූ අවස්ථාවේදී, එහි වෙද සහ වෙළෙඳ ප්‍රජාව විසින් පාගමනේ යෙදෙන දරුවා ඇතුළු පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
පාගමනට එක්වූ වීරයා:
මෙම ඓතිහාසික පාගමනේ පෙරමුණ ගෙන ඇත්තේ ලිඳුල සරස්වතී දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන, ලිඳුල ඉල්ඩන්හොල් වත්තේ (අංක 06 ලයිම) පදිංචි ප්‍රේමරාජා කාර්ගි නැමැති වයස අවුරුදු 07ක කුඩා පාසල් සිසුවෙකි.
සංවිධානය සහ මූල්‍ය දායකත්වය:
කඳුකරයේ ක්‍රියාත්මක වන ‘මලයග එමදුතායගම්’ සිවිල් සංවිධානයේ මූල්‍ය ආධාර මත, ‘ධෛර්ය දීපංගල්’ සිවිල් සංවිධානයේ සභාපතිනිය වන පන්නිර් චේල්වම් මේනකා මහත්මියගේ සංවිධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම පා ගමන දින 7ක් ඇතුලත කොළඹට යෑමට සැළසුම් කර ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

