වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙමින් සිටි තවත් තිදෙනෙකු 14 වෙනිදා රාත්‍රියේ පලාගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආසන්නයේදී සැඟව සිටියදී ඉන් රැඳවියන් දෙදෙනකු යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
එලෙස පලාගිය රැඳවියන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් තෛපොංගල් උත්සවය සැමරීමට පලායන්නට ඇති බවට වැලිකන්ද පොලිසිය සැක පල කරයි.
ඒ අනුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් මේ වනවිට අතුරුදහන්ව ඇති සංඛ්‍යාව දොළහ දක්වා වැඩි වී ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.
පසුගිය දොළොස්වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ගල්, මුගුරු, සහ පොලු වලින් පහරදී ගැටුමක් ඇතිකර ගත් අතර එම ගැටුම අතරතුරු
රැඳවියන් අනුදෙදෙනකු පලාගොස් සිටියදී පොලිසිය යුද හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකදී අසූඑක් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
එලෙස අත්අඩංගුවට ගත් පිරිසෙන් කිහිපදෙනෙකු වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් තවත් පිරිසක් කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් බාර දීමට වැලිකන්ද හා පුලස්තිපුර පොලිසිය පොලිසිය කටයුතු කළහ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දොළොස් වෙනිදා ඇති වූ සිද්ධියත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සියළු නිලධාරීන් මාරු කිරීමට පියවර ගත් අතර එම මධ්‍යස්ථානය තුළ සිටින රැඳවියන් සඳහා ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ රැඳවියන්, නවක රැඳවියන්ට විවිධ අඩත්තේට්ටම් කිරීම හේතුවෙන් පසුගිය දොළොස්වැනිදා ඇති වූ ආහාර ගැටලුවක් මුල් කර ගනිමින් එම ගැටුම වර්ධනය වූහ.
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී යුද හමුදාව සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කර මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් කිහිපදෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ගගෙන තිබෙන අතර මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකු සඳහන් කළේය.
මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් තුන්සිය අනූදෙදෙනකු පමණ පුනරුත්ථාපනය වෙමින් සිටිති.
මනම්පිටිය නිමල් ජයරත්න